Tuesday, November 8, 2011
කැවුම් ආච්චි ...
ඔන්න ඉතින් පොඩිකාලේ මම හරිම දගයෙක් කියලා මේ ටිකට ඔයාලට තේරිලා ඇතිනේ...ඔන්න ඉතින් මේ කියන්නෙ මොකද්ද කියලා බලන්නකො....
අපේ අම්මට ඉස්සර මාව නිදි කරන්න හරිම අමාරුයි...මම නිදාගන්න කැමතිම නෑ...
ඔන්න ඉතින් ඒ දවස්වල අපේ ගෙදරට ආච්චි කෙනෙක් එනවා හවසට කැවුම්/හැලප වගේ කෑම විකුනන්න..අපේ අම්මා හැමදාම වගේ ඒ ආච්චිගෙන් කෑම ගන්නවා...ඔන්න ඉතින් දවසක් අම්මා බොහොම අමරුවෙන් මාව නිදි කරන්න හදනවා මම කැමතිම නෑ....ඔන්න ඉතින් අම්මා මට පොඩ්ඩක් විතර සැර කරා....ඔන්න ඉතින් මම බොරුවට ඇස් දෙක වහගත්තා...අස් වහලා විනාඩි 5ක් ගියේ නෑ....අපේ තාත්තා කාමරේට අවිත් අම්මට කිව්වා අන්න අර අච්චි අවා කියලා....ඊට පස්සෙ අම්මා තාත්තට කිව්වා...පුතා අහැරෙනවා මම නැගිට්ටොත් එක නිසා කියන්න මම ගෙදර නෑ කියලා...මටත් දැන් එලියට පැනගන්න විදියක් නැතුවනෙ හිටියෙ.....මම අම්මගෙ උකුලෙන් පැනපු ගමන් දූවලා ගියා අර අච්චි ගවට...මම ආච්චි ගාවට ගිහින් කිව්වා..ආච්චි !! ආච්චි !! අම්මා කිව්වා අම්මා ගෙදර නෑ කියන්න කියලා......හික් !! හික්!! හික්!! එක පාරටම අච්චි හිනා වෙලා කිව්වා දැක්කද පොඩි ළමයි බොරු කියන්නෙ නෑ කියලා...හි... හි... හි....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment