Sunday, November 6, 2011
වැස්ස දවසක !!!
ඔන්න ඉතින් එදා වැස්ස දවසක්...හරිම සිතලයි...මම පොඩි එකා වුනාට තාප්ප පේන්න බෑ...අපේ අල්ලපු ගෙදරට යන්නෙත් තාප්පෙන් පැනලා....ලොල්.. එදත් අල්ලපු ගෙදරට යන්න හිතාගෙන තාප්පෙට නැග්ගා...ඒ ගෙදර හිටියෙ මට ගොඩාක් ආදරේ කරපු දයා ඇන්ටියි,එයාගෙ දුවයි,පුතයි.ඒ අන්කලුයි.. ඒ අයියා රුචිර,අක්කා කජිනි..ඔන්න ඉතින් මම දැන් තාප්පෙට නැග්ගට පස්සෙ මම දැක්ක දයා ඇන්ටිලගෙ පුසව..ඒ පුසා සුදුයි...මම ඉතින් තාප්පෙන් බැහැලා පුසව අතගානකොට දැක්කා පුසාගෙ අගේ මඩ ටිකක් ගෑවිලා තියනවා.ඉතින් මම හිතුවෙ නැ එදා දවස වැස්ස දවසක් කියලා මම වට පිට බලුවා...බේසමක් තිබ්බා....එක අරන් වතුර එකක් පිරෙව්වා...ඊට පස්සෙ පුසව නාවන්න පටන් ගත්තා..ඌ එහෙට පනිනවා මෙහෙට පනිනවා ආයි මඩ ගාගන්නවා...ඔය ජර මරේ සද්දෙ ඇහිලා රුචිර අයියා ආවා...අයියෝ.......... පුසට කරල තියන දෙයක් කියාගෙන...ලොල්...ඊට පස්සෙ දයා ඇන්ටිත් අවා....මම ඉතින් කිව්වා මුගේ අගේ මඩ තිබ්බා කියලා...ලොල්....පුසා පවු හොදටම වෙව්ලනවා....පස්සෙ ඌව වේලලා වේලලා බේරගත්තා...ඔන්න ඔහොමයි පොඩි එකාගෙ සත්ව කරුනාව.....අදටත් ඕන සබාවක් මැද්දෙ දයා ඇන්ටි ඕක මතක් කරලා ලැජ්ජ කරනවා....ලොල්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment