අශාන්ගේ සයිබර් සටහන
මගේ ජීවිතයේ සොඳුරු මතක සටහන් පෙළ...
Tuesday, November 8, 2011
කැවුම් ආච්චි ...
ඔන්න ඉතින් පොඩිකාලේ මම හරිම දගයෙක් කියලා මේ ටිකට ඔයාලට තේරිලා ඇතිනේ...ඔන්න ඉතින් මේ කියන්නෙ මොකද්ද කියලා බලන්නකො....
අපේ අම්මට ඉස්සර මාව නිදි කරන්න හරිම අමාරුයි...මම නිදාගන්න කැමතිම නෑ...
ඔන්න ඉතින් ඒ දවස්වල අපේ ගෙදරට ආච්චි කෙනෙක් එනවා හවසට කැවුම්/හැලප වගේ කෑම විකුනන්න..අපේ අම්මා හැමදාම වගේ ඒ ආච්චිගෙන් කෑම ගන්නවා...ඔන්න ඉතින් දවසක් අම්මා බොහොම අමරුවෙන් මාව නිදි කරන්න හදනවා මම කැමතිම නෑ....ඔන්න ඉතින් අම්මා මට පොඩ්ඩක් විතර සැර කරා....ඔන්න ඉතින් මම බොරුවට ඇස් දෙක වහගත්තා...අස් වහලා විනාඩි 5ක් ගියේ නෑ....අපේ තාත්තා කාමරේට අවිත් අම්මට කිව්වා අන්න අර අච්චි අවා කියලා....ඊට පස්සෙ අම්මා තාත්තට කිව්වා...පුතා අහැරෙනවා මම නැගිට්ටොත් එක නිසා කියන්න මම ගෙදර නෑ කියලා...මටත් දැන් එලියට පැනගන්න විදියක් නැතුවනෙ හිටියෙ.....මම අම්මගෙ උකුලෙන් පැනපු ගමන් දූවලා ගියා අර අච්චි ගවට...මම ආච්චි ගාවට ගිහින් කිව්වා..ආච්චි !! ආච්චි !! අම්මා කිව්වා අම්මා ගෙදර නෑ කියන්න කියලා......හික් !! හික්!! හික්!! එක පාරටම අච්චි හිනා වෙලා කිව්වා දැක්කද පොඩි ළමයි බොරු කියන්නෙ නෑ කියලා...හි... හි... හි....
Sunday, November 6, 2011
වැස්ස දවසක !!!
ඔන්න ඉතින් එදා වැස්ස දවසක්...හරිම සිතලයි...මම පොඩි එකා වුනාට තාප්ප පේන්න බෑ...අපේ අල්ලපු ගෙදරට යන්නෙත් තාප්පෙන් පැනලා....ලොල්.. එදත් අල්ලපු ගෙදරට යන්න හිතාගෙන තාප්පෙට නැග්ගා...ඒ ගෙදර හිටියෙ මට ගොඩාක් ආදරේ කරපු දයා ඇන්ටියි,එයාගෙ දුවයි,පුතයි.ඒ අන්කලුයි.. ඒ අයියා රුචිර,අක්කා කජිනි..ඔන්න ඉතින් මම දැන් තාප්පෙට නැග්ගට පස්සෙ මම දැක්ක දයා ඇන්ටිලගෙ පුසව..ඒ පුසා සුදුයි...මම ඉතින් තාප්පෙන් බැහැලා පුසව අතගානකොට දැක්කා පුසාගෙ අගේ මඩ ටිකක් ගෑවිලා තියනවා.ඉතින් මම හිතුවෙ නැ එදා දවස වැස්ස දවසක් කියලා මම වට පිට බලුවා...බේසමක් තිබ්බා....එක අරන් වතුර එකක් පිරෙව්වා...ඊට පස්සෙ පුසව නාවන්න පටන් ගත්තා..ඌ එහෙට පනිනවා මෙහෙට පනිනවා ආයි මඩ ගාගන්නවා...ඔය ජර මරේ සද්දෙ ඇහිලා රුචිර අයියා ආවා...අයියෝ.......... පුසට කරල තියන දෙයක් කියාගෙන...ලොල්...ඊට පස්සෙ දයා ඇන්ටිත් අවා....මම ඉතින් කිව්වා මුගේ අගේ මඩ තිබ්බා කියලා...ලොල්....පුසා පවු හොදටම වෙව්ලනවා....පස්සෙ ඌව වේලලා වේලලා බේරගත්තා...ඔන්න ඔහොමයි පොඩි එකාගෙ සත්ව කරුනාව.....අදටත් ඕන සබාවක් මැද්දෙ දයා ඇන්ටි ඕක මතක් කරලා ලැජ්ජ කරනවා....ලොල්
Saturday, November 5, 2011
1 වසරට ගිය හෑටි..
ඔන්න ඉතින් කොල්ලා ටික ටික ලොකු වෙලා ඉස්කෝලෙ යන්නත් පටන් ගත්තා...මම ගියේ කොළඹ ඉසිපතන විදුහලට...හෑබෑයි අම්මා මාව ඉස්කොලෙ ගෙනිච්චෙ නම් මරන්න ගෙනියන හරකෙක් වගේ...අම්මා මාව පන්තියට දාලා ගෙට්ටුව ගාවට එනකොට මමත් අම්මගෙ පිටිපස්සේ...ලොල්...බෑරිම තෑන අම්මා ඉස්කොලෙ ඉවරවෙනකන් හිටියා..එත් මම සරෙන් සරේට teacher මට toilet යන්න ඔනෙ කියලා අම්මා ගවට දුවන් යනවා...ඒ යන හෑමවෙලවෙම ඉස්කොලේ සික්කා මව බය කරනවා.....බලන්නකො එකෙත් හෑටි...
Friday, November 4, 2011
මා බාල කාලේ !!!
ඔන්න අපේ අම්මා කියනව දවසක් අපේ අම්මයි තාත්තයි ගියාලු අපේ අක්කාගේ conset එකක් බලන්න...මාව ගෙදර තියලාලු ගියෙ...ඔන්න ඉතින් මම අඩන්න පටන් ගත්තලු...කාටවත් නවත්තන්න බෑලු....අන්තිමට අම්මල conset එක බලන එක පැත්තක තියල ගෙදර ආවලු...මගේ කිසි සදයක් නෑළු...අම්මයි තාත්තයි කමරේට එබිල බලන කොට මම පාන් ගෙඩ්යක් බදාගෙන ඉන්නවලු....අපෙ චුටි මාමා අවිත් කිව්වලු ඔක දිලා තමයි නෑලෙව්වෙ කියල...ඔන්න ඔහොමයි මගේ වෑඩ...
Subscribe to:
Posts (Atom)